සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ “කප්රුක” ලොතරැයිය හරහා මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වන රුපියල් 629,855,919.60ක (හැට දෙකෝටි අනූඅට ලක්ෂ පනස්පන්දහස් නවසිය දහනවයයි ශත හැටක) මුදල අද (10) දිනුම්ලාභියා වෙත නිල වශයෙන් ප්රදානය කර තිබෙනවා .
සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී අද (10) ජයග්රාහකයාට හිමි ත්‍යාග මුදල පිරිනැමුණු අතර, ලොතරැයි පත අලෙවි කළ නියෝජිත මහතාටද මෙහිදී ඇගයීම් සහ දිරිගැන්වීම් ත්‍යාග පිරිනමා තිබෙනවා .
එම ත්‍යාග මුදලට හිමි චෙක්පත ඇතුළුව, සංවර්ධන ලොතරැයි පත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්ක වලින් බිහි වූ සුපිරි ජයග්‍රාහකයින් ඇතුළු විසි ලක්ෂපතියන් හා දස ලක්ෂපතියන් සඳහා චෙක්පත් ප්රදානය කිරීමත් මෙහිදී සිදු කළ බව සඳහන් .
මෙම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිළධාරි නීතිඥ හේමන්ත ස්වර්ණතිලක මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක චානක්‍ය ලියනගේ මහතා, ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලෙහි අධ්යක්ෂ ඩී.ආර්.සී. ජයවර්ධන මහතා, ජාතික සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන් ජයසූරිය මහතා, ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
රටේම ආදරය දිනා ගත් සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන්
බැංකු රැසකින් අනතුරු ඇඟවීම්! ගනුදෙනාකරුවන්ට විශේෂ දැනුම්දීමක්!
රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
සුගීෂ්වරට අසූචි ගැසීම ‘ඒකාබද්ධ විපක්ෂය’ හෙළාදකී
මෝටර් රථ රක්ෂණ ණය කාල සීමාවේ සංශෝධනයක්
‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන අවසන් වෙයි
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්