Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමෙන් පසු ‘Artemis II’ගගනගාමීන් පෘථිවියට

3 weeks ago

නාසා ආයතනයේ ‘Artemis II’ මෙහෙයුම යටතේ සඳ වටා ගමන් කළ ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය, සිය ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුම නිමා කරමින් අද (11) අලුයම ආරක්ෂිතව පෘථිවියට පැමිණියේය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 5.30ට පමණ කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ඔරායන් යානය ගොඩබස්වන ලදී.

පසුගිය අප්‍රේල් 06 වැනිදා සිය ගමන් ආරම්භ කළ මෙම යානය දින 10ක් පුරා සඳ වටා වූ සිය මෙහෙයුමේ නිරත විය.

මෙම මෙහෙයුමේදී ඔරායන් යානය කිලෝමීටර 406,771ක (සැතපුම් 252,756) දුරක් සඳ වටා පියාසර කළේය. මෙය මිනිස් අභ්‍යවකාශ ගමනකදී පෘථිවියෙන් ඔබ්බට මිනිසුන් රැගත් යානයක් ගමන් කළ උපරිම දුර ලෙස ඉතිහාසයට එක් වේ.

සඳ මත යළිත් මිනිසුන් පය තැබීමේ නාසා ආයතනයේ වැඩපිළිවෙළෙහි තීරණාත්මක පියවරක් ලෙස මෙම ‘Artemis II’ මෙහෙයුම සැලකේ. යානය සාර්ථකව පෘථිවියට ළඟා වීමත් සමඟ සඳ මත මිනිසුන් පදිංචි කිරීමේ අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය දත්ත රැසක් විද්‍යාඥයින්ට හිමි වනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *