නාසා ආයතනයේ ‘Artemis II’ මෙහෙයුම යටතේ සඳ වටා ගමන් කළ ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය, සිය ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුම නිමා කරමින් අද (11) අලුයම ආරක්ෂිතව පෘථිවියට පැමිණියේය.
ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 5.30ට පමණ කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ඔරායන් යානය ගොඩබස්වන ලදී.
පසුගිය අප්‍රේල් 06 වැනිදා සිය ගමන් ආරම්භ කළ මෙම යානය දින 10ක් පුරා සඳ වටා වූ සිය මෙහෙයුමේ නිරත විය.
මෙම මෙහෙයුමේදී ඔරායන් යානය කිලෝමීටර 406,771ක (සැතපුම් 252,756) දුරක් සඳ වටා පියාසර කළේය. මෙය මිනිස් අභ්‍යවකාශ ගමනකදී පෘථිවියෙන් ඔබ්බට මිනිසුන් රැගත් යානයක් ගමන් කළ උපරිම දුර ලෙස ඉතිහාසයට එක් වේ.
සඳ මත යළිත් මිනිසුන් පය තැබීමේ නාසා ආයතනයේ වැඩපිළිවෙළෙහි තීරණාත්මක පියවරක් ලෙස මෙම ‘Artemis II’ මෙහෙයුම සැලකේ. යානය සාර්ථකව පෘථිවියට ළඟා වීමත් සමඟ සඳ මත මිනිසුන් පදිංචි කිරීමේ අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය දත්ත රැසක් විද්‍යාඥයින්ට හිමි වනු ඇත.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා