Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගිනිඅවියක් අතැතිව ඉඩම් ආරවුලක් විසඳන්න හැදූ මන්ත්‍රී අර්ච්චුනා

2 hours ago

යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීමක් වාර්තා වෙනවා.

අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර අදාළ ඉඩම තමාට අයත් බව මන්ත්‍රී අර්ච්චුනා පවසන අතර කාන්තාවක්ද එම ඉඩමේ අයිතිය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (25) මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී, එහි පැමිණි කාන්තාවන් දෙදෙනෙකු එහි කොටසක් තමන් සතු බව පවසමින් මන්ත්‍රීවරයා සමග වාදයකට පැටලී තිබෙනවා.

එම අවස්ථාවේදී උරණ වූ මන්ත්‍රීවරයා හා එම කාන්තාවන් අතර වාදයක් හටගෙන ඇති අතර එහිදී මන්ත්‍රීවරයා අතැතිව ගිනි අවිය තිබෙන ආකාරයට දක්නට ලැබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *