Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

10 minutes ago

අසනීප තත්ත්වයෙන් සිටියදී තමාට සුවය ප්‍රාර්ථනා කළ සියලුදෙනාට කෘතඥතාවය පළ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

–     උපුටා ගැනීම – 

අසනීප තත්ත්වය අනාවරණය වීමත් සමගම සුවදුක් විමසමින් සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලැබුණු දුරකථන ඇමතුම්, පණිවුඩ සංඛ්‍යාව අපමණය.

නිරෝගී සුව පතමින් දිවයින පුරා සර්ව ආගමික වතාවත් පැවැත්වීමට ඔබ ගත් ක්‍රියාමාර්ග මගේ සුවිශේෂී ඇගයීමට ලක්වෙයි.

ශ්‍රී ලාංකේය පුරවැසියන් වශයෙන් ඔබ ක්‍රියාවට නැංවූ පියවර ඉක්මන් සුවය ලැබීමට මට මහත් ධෛර්යයක් වූයේය. විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් මම වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් උචිත ක්‍රියාමාර්ග ගත් බව දනිමි.

මම වෙනුවෙන් ඔබ දැක්වූ සැලකිල්ල සහ උනන්දුව යළි යළිත් අගය කරමි. ඒ වෙනුවෙන් මගේ හදපිරි කෘතඥතාවය පළ කර සිටින්නෙමි.

–    උපුටා ගැනීම අවසන් – 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *