Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්

4 hours ago

නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත හෙට (27) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් ලබාගෙන තිබෙනවා.

මාර්තු 31 වනදා රාත්‍රියේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ අතර මෙවර උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.

එමෙන්ම අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 30,000කට අධික සංඛ්‍යාවක් සියලු විෂයන් අසමත් බව සඳහන්.

මෙවර උසස් පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ගත් පාසල් සිසුන් ගණන 7,477ක් වන අතර, එය 3.38%ක ප්‍රතිශතයක් ලෙසයි සඳහන් වන්නේ.

පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකු ද සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *