ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ පෙට්‍රල් මිලෙහි රුපියල් 12ක මිල වැඩිවීමක් සිදුව ඇති බැවින් මෙම ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවය.
ත්‍රීරෝද රථ ගාස්තු සැකසීම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් සිදුකරන බැවින් ඉන්ධන මිලෙහි ඉහළ යාම සලකා දැනට දෙවැනි කිලෝමීටරයට අයකරන රුපියල් 90ක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
මේ වන විට පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100ක මුදලක් සහ දෙවැනි කිලෝමීටරය සඳහා රුපියල් 90ක් ලෙස ගාස්තු අයවිය යුතුයි.
“අපි දෛනිකව උපයන දෙයින් තමයි ලීසිං, ෆිනෑන්ස් ආයතනවලට ගෙවන්නේ, එතකොට මේ ඔක්කොම හිරවුණායින් පස්සේ මේ කර්මාන්තයේ නියුතු අය කොහේටද යන්නේ, ඇයි මේ රජයට මේ පිළිබඳව හිතන්න බැරි ? අපි වෙන දෙයක් ඉල්ලන්නේ නෑ මේ විදිහට හරි අඩුම තරමේ සතියකට ඉන්ධන ලීටර් 30ක් අපිට දෙන්න කියන සාධාරණ ඉල්ලීම අපි කරන්නේ. ආණ්ඩුවට කරන්න බැරි දේවල් පවා සමහර ත්‍රීරෝද රථ සංගම්කාරයෝ ටිකක් ඇවිල්ලා කියනවා. දවසට කිලෝමීටර් 200-300 දුවනවයි කියලා හෙන පච කෙලලා ලීටර් 20ක් දවසට ඉල්ලනවා. අපිට එහෙම බොරු කියන්න අවශ්‍යතාවයක් නෑ”

ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්
භාණ්ඩාගාර මුදල් වංචාව ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
අල්ලස් කොමිසමට එන්නැයි කියූ පුවත ගැන හිටපු ජනපති මහින්දගේ පාර්ශ්වයෙන් ප්‍රකාශයක්
දින 2ට වඩා උණ නම් වහාම රෝගය තහවුරු කර ගන්න! තත්ත්වය බරපතළයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කොදෙව් සංචාරයේ කාල සටහන ප්‍රකාශයට පත් කරයි
බස් ගාස්තු ගැන දැනුම්දීමක්
රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120ක් අත්අඩංගුවට
රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට
වැට් බදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් වෙයි
IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට
හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජනපතිගේ කතාවට අලි සබ්රිගෙන් දරුණු විවේචනයක්