2026 වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 25,082ක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
විශේෂයෙන් කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් මෙන්ම කොළඹ මහනගර සභා සීමාවෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පෙන්වා දෙයි.
යම් පුද්ගලයෙකුට දින දෙකකට වඩා උණ පවතී නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවී එය ඩෙංගු රෝගය දැයි තහවුරු කරගන්නා ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.
වෛද්‍ය උපදෙස් ලබාගන්නා තෙක් උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් භාවිතා නොකරන ලෙසත්, මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා මදුරු විකර්ශක භාවිතා කරන ලෙසත් වෛද්‍ය විශේෂඥවරිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්
භාණ්ඩාගාර මුදල් වංචාව ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
අල්ලස් කොමිසමට එන්නැයි කියූ පුවත ගැන හිටපු ජනපති මහින්දගේ පාර්ශ්වයෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කොදෙව් සංචාරයේ කාල සටහන ප්‍රකාශයට පත් කරයි
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
බස් ගාස්තු ගැන දැනුම්දීමක්
රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120ක් අත්අඩංගුවට
රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට
වැට් බදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් වෙයි
IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට
හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජනපතිගේ කතාවට අලි සබ්රිගෙන් දරුණු විවේචනයක්