යාර් බස් ගුවන් යානා ගනුදෙනුවේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාළව ඇප නියම වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ඇප තැබීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අලුත්කඩේ සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති මෙම සැකකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලිසිය මගින් ඊයේ (05) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.
අධිකරණ කාර්ය මණ්ඩලයට ඇති වූ සැකයක් මත කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් රුපියල් 15,000 බැගින් වූ මුදලකට ඇපකරුවන් ලෙස ඉදිරිපත් වීමට පැමිණ ඇති බවයි.
සැකකරුවන් දෙදෙනා කපිල චන්ද්‍රසේන මහතාව පෞද්ගලිකව හඳුනන අය නොවන බවත්, ඔවුන්ට ස්ථිර රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොමැති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික ලබාගත් ආකාරය පිළිබඳව ද මේ වන විට බරපතළ සැකයක් මතු වී ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා සැකකරුවන් දෙදෙනා මැයි මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මැදපෙරදිග වත්මන් තත්ත්වය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
පහළ වායුගෝලගේ කැළඹිලි ස්වභාවයක්! කාලගුණයෙන් දැනුම්දීමක්!
උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට එයි
වියට්නාම ජනපති අද දිවයිනට
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි
විද්‍යා ඝාතන විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම යළි තහවුරු කරයි
ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්
අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙපාරක් මුදල් ගෙවලා? ලක්ෂ 5,000කට ආසන්න මුදලක් අතිරේකව වැය වෙලා?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ තැනට වැටෙයි
සරසවි වරම් ලැබූ සිසුන්ට සුබ ආරංචියක්
ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි