Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

18 minutes ago

යාර් බස් ගුවන් යානා ගනුදෙනුවේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාළව ඇප නියම වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ඇප තැබීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත්කඩේ සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති මෙම සැකකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලිසිය මගින් ඊයේ (05) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

අධිකරණ කාර්ය මණ්ඩලයට ඇති වූ සැකයක් මත කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් රුපියල් 15,000 බැගින් වූ මුදලකට ඇපකරුවන් ලෙස ඉදිරිපත් වීමට පැමිණ ඇති බවයි.

සැකකරුවන් දෙදෙනා කපිල චන්ද්‍රසේන මහතාව පෞද්ගලිකව හඳුනන අය නොවන බවත්, ඔවුන්ට ස්ථිර රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොමැති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික ලබාගත් ආකාරය පිළිබඳව ද මේ වන විට බරපතළ සැකයක් මතු වී ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා සැකකරුවන් දෙදෙනා මැයි මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *