විදෙස් ණය වාරිකයන් වශයෙන් ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධව විවිධ පාර්ශ්වයන් අදහස් දැක්වුවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
ඒ අද (05) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
එහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙකු බවට පළවන වාර්තා සම්බන්ධවද අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඔහු තනතුර දරන කිසි විටෙක ද්විත්ව පුරවැසියෙකු නොවන බවයි.
“ඔහු පාර්ලිමේන්තුවේදී හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අවදියේදී හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවදියේදී ඔහු ද්විත්ව පුරවැසියෙකු නම් ඔබට ඔහුට එරෙහිව අධිකරණයට යන්නත් පුළුවන්. එම නිසා ඔහු ද්විත්ව පුරවැසියෙකු නොවෙයි. මම ඉතා වගකීමෙන් කියන්නේ ඔහු තනතුරු දරන කිසිම අවස්ථාවක ද්විත්ව පුරවැසියෙකු නොවෙයි.”

රජයේ උත්සහය ඵල දරයි! අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි!
බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්