වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රංග රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයන්ට එරෙහිව පවුලේ ඥාතීන් විසින් දානමය පුණ්‍යකර්මය අවසන් වූ වහාම නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා සඳහන් කළේ, මියගිය නිලධාරියාගේ බිරිඳ සහ පවුලේ ඥාතීන් ඉලක්ක කර ගනිමින් සිදුකරන පහත් පෙළේ ප්‍රකාශ හේතුවෙන් ඔවුන් දැඩි කම්පනයකට පත්ව ඇති බවත්, මරණයට අදාළ ආගමික වතාවත් නිම වූ වහාම එම අසත්‍ය ප්‍රකාශකයන්ට එරෙහිව පැමිණිලි කරන බවයි.
පවතින සයිබර් අවදානම හමුවේ මහ බැංකුව සහ භාණ්ඩාගාරය ඇතුළු ඕනෑම ආයතන පද්ධතියකට සයිබර් අපරාධකරුවන්ගේ මැදිහත්වීම් සිදුවිය හැකි බැවින්, රටේ ආරක්ෂණ යාන්ත්‍රණයන් කඩිනමින් ශක්තිමත් කරන බව නලින්ද ජයතිස්ස මහතා පෙන්වාදුන්නා.
මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා කුලියාපිටිය, නිකවැරටිය, අනුරාධපුරය සහ කුරුණෑගල යන රෝහල්වල සේවය කරන විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගෙන් යුත් ස්වාධීන කමිටුවක් පත් කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළා.
මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා දැනටමත් රුධිර හා මුත්‍රා සාම්පල මෙන්ම ඩී.එන්.ඒ. පරීක්ෂණ ද යොමු කර ඇති අතර, එම වාර්තා ලැබුණු වහාම පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බව ඔහු පැවසුවා.
මෙම මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් පතුරුවන සැක සංකා පදනම් විරහිත බවත්, සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කරනු ලැබුවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බවත් අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළා.
ප්‍රකාශ කිරීමේ නිදහස යනු බොරු කීම නොවන බව පෙන්වා දුන් නලින්ද ජයතිස්ස මහතා, පාර්ලිමේන්තුවේ නොමැති පුද්ගලයන් දෙදෙනෙකු මාධ්‍ය හරහා සිදුකරන අසත්‍ය ප්‍රචාර පිළිබඳව රජයේ දැඩි අවධානය යොමුව ඇති බවද වැඩිදුරටත් කියා සිටියා.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා