අද (07) මධ්‍යම රාත්‍රීයේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන් යන ආහාරවල මිල ගණන් රු 25කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
මේ අතර, ලාෆ්ස් ගෑස් භාවිතයෙන් ආපනශාලා පවත්වාගෙන යන වෙළෙඳසැල්වල ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් ඉහළ නංවා තිබේ.
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ එවැනි වෙළෙඳසැල් 25 % – 30% ත් අතර ප්‍රමාණයක් පවතින අතර, ඔවුන්ට ලාෆ්ස් ගෑස් මිල දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවය.
ඒ අනුව ලාෆ්ස් භාවිතයෙන් පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල්වල ප්ලේන් ටී එකක් රු 5කින් සහ කිරි තේ එකක් රු 10කින් ඉහළ නංවා තිබේ.
මේ අතර කෙටි ආහාර වර්ග රු 5කින් ඉහළ නංවා ඇති අතර, බිත්තර රොටිවල සහ පරාටාවල මිල වැඩිවීමක් නොමැති බවද හර්ෂණ රුක්ෂාන් මහතා අවධාරණය කළේය.

කොළඹ පාසල් දරුවන්ගෙන් 15%ක් අනතුරේ
ග්‍රීක බැඳුම්කර සිද්ධිය පිළිබඳව අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව යළිත් අධි චෝදනා ගොනු කරයි
තෝරාගත් iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
හෙට පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක සැලැස්මක්! මන්ත්‍රීවරුන්ගේ අල්මාරිත් චෙක් කරයි!
රතුගල ආදිවාසී නායකයා දිවියෙන් සමුගනී
මැදපෙරදිග වත්මන් තත්ත්වය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
පහළ වායුගෝලගේ කැළඹිලි ස්වභාවයක්! කාලගුණයෙන් දැනුම්දීමක්!
ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට
උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට එයි
වියට්නාම ජනපති අද දිවයිනට
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි