වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ නායක ටෝ ලාම් මහතා හෙට (08) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ. මෙම සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රික අවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සහ ඒ අවට විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කථානායකවරයා අද (07) සභාවට නිල වශයෙන් දැනුම් දුන්නේය.
අද දින සිටම ක්‍රියාත්මක වන පරිදි මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ඇතුළු සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයම විශේෂ ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත. හෙට උදෑසන වන විට හඳුනාගත් අධි ආරක්ෂිත කලාපයන් නැවතත් පරීක්ෂා කිරීමට නියමිතය.
ආරක්ෂක හේතූන් මත හෙට දින පාර්ලිමේන්තුවට පැමිණීමේදී අමුත්තන් කැටුව පැමිණීමෙන් වළකින ලෙසත්, හැකි තාක් දුරට පෞද්ගලික රියදුරෙකු සමඟ පැමිණෙන ලෙසත් කථානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. තමන් විසින්ම වාහනය පදවාගෙන එන මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ රියදුරු සේවාවක් පිවිසුම් දොරටුව අසල ක්‍රියාත්මක වේ.
සීමා කිරීම්
- පාර්ලිමේන්තු ප්‍රධාන රථගාල හෙට වසා තැබෙන බැවින් විකල්ප රථගාල් භාවිතා කළ යුතුය.
- මහජන ගැලරිය සාමාන්‍ය ජනතාව සඳහා විවෘත නොවන අතර එය විශේෂ ආරාධිත අමුත්තන් සඳහා පමණක් වෙන් කර ඇත.
- සභා ගර්භය තුළ රූපගත කිරීම් සඳහා අවසර හිමිව ඇත්තේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කැමරා ශිල්පියෙකුට පමණි.
වියට්නාම ජනාධිපතිවරයා සභාව අමතන අවස්ථාවේදී එරට ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් ද සභා ගර්භය තුළ රැඳී සිටීමට නියමිතව තිබේ.

කොළඹ පාසල් දරුවන්ගෙන් 15%ක් අනතුරේ
ග්‍රීක බැඳුම්කර සිද්ධිය පිළිබඳව අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව යළිත් අධි චෝදනා ගොනු කරයි
තෝරාගත් iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
රතුගල ආදිවාසී නායකයා දිවියෙන් සමුගනී
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, බුරියානි සහ නාසි ගුරාන් මිල ඉහළට
මැදපෙරදිග වත්මන් තත්ත්වය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
පහළ වායුගෝලගේ කැළඹිලි ස්වභාවයක්! කාලගුණයෙන් දැනුම්දීමක්!
ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට
උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට එයි
වියට්නාම ජනපති අද දිවයිනට
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි