ග්‍රීසිය ආර්ථික වශයෙන් බිඳ වැටෙමින් පැවති 2012 වසරේදී එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් බිලියන 1.84ක් ආයෝජනය කර රජයට අලාභයක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධිචෝදනා ගොනු කර තිබේ.
මෙම සිද්ධියට අදාළව මීට පෙරද අල්ලස් කොමිසම විසින් ඒ මහතාට එරෙහිව නඩු පවරා තිබුණි. එහිදී අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනුව, අදාළ පාඩුව යළි ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු බවට වූ කොන්දේසියක් මත අධිකරණය විසින් ඔහුව මුදා හැරීමට පියවර ගෙන තිබිණි.
එහෙත්, අධිකරණය පැනවූ අදාළ කොන්දේසිය ප්‍රකාරව රුපියල් බිලියන 1.84ක මුදල මෙතෙක් රජයට ආපසු නොගෙවීම හේතුවෙන් අල්ලස් කොමිසම විසින් මෙම නව අධිචෝදනා ගොනු කර ඇත.
ග්‍රීක ආර්ථික අර්බුදය ලෝක ප්‍රකටව පැවති අවධියක මහ බැංකු අධිපතිවරයා ලෙස දරනු ලැබූ වගකීම පැහැර හැරීම සහ රජයේ මූල්‍ය ආරක්ෂාව නොසලකා හැරීම සම්බන්ධයෙන් මෙහිදී ඔහුට චෝදනා එල්ල වේ.

කොළඹ පාසල් දරුවන්ගෙන් 15%ක් අනතුරේ
තෝරාගත් iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
හෙට පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක සැලැස්මක්! මන්ත්‍රීවරුන්ගේ අල්මාරිත් චෙක් කරයි!
රතුගල ආදිවාසී නායකයා දිවියෙන් සමුගනී
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, බුරියානි සහ නාසි ගුරාන් මිල ඉහළට
මැදපෙරදිග වත්මන් තත්ත්වය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
පහළ වායුගෝලගේ කැළඹිලි ස්වභාවයක්! කාලගුණයෙන් දැනුම්දීමක්!
ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට
උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට එයි
වියට්නාම ජනපති අද දිවයිනට
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි