දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල් දැමීමට පියවර ගෙන තිබේ.
ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ක්‍රීඩාංගණවල පවතින තත්ත්වය සහ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. ඒ අනුව පහත තරගාවලි අත්හිටුවා ඇත:
- අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය (Major Club Limited Over Tournament)
- ‘බී‘ කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය (Tier B T20 Tournament)
- ආණ්ඩුකාර කුසලාන තරගාවලිය (Governor’s Cup)
කාලගුණික තත්ත්වය යහපත් වූ පසුව මෙම තරගාවලි සඳහා සංශෝධිත කාලසටහන් ප්‍රකාශයට පත් කරන බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අද (13) දින පැවැත්වීමට නියමිතව තිබූ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය ද අයහපත් කාලගුණය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ බවයි.

ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා ගැන පැහැදිලිකිරීමක්
‘මිස්ටර් කොත්තු’ හිමිකරුට වැඩ වරදින ලකුණු
අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙ.සහකාර ලේකම්වරයා ගැන තොරතුරු රැසක් එළියට
අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල්
සුරේෂ් සලේට හෘදයාබාධයක්
සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා