බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ක්‍රියාත්මක පොලිස් විමර්ශන පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ අධීක්ෂණයෙන් පසුවන බව, නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ අධිනීතිඥ කේෂානි විජේසිංහ මහත්මිය ඊයේ (26) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
නඩුව කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිට්ටඹුව මූලස්ථාන පොලිසියෙන් විමසා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ, මෙම අපරාධයට අදාළව සිදුකළ පළමු DNA පරීක්ෂණ වාර්තාව (DNA Report) මේ වන විටත් ලැබී ඇති බවයි. ඊට අමතරව දෙවන DNA පරීක්ෂණ වාර්තාව ඉදිරියේදී ලැබීමට නියමිතව ඇත.
විමර්ශනවල තවත් පියවරක් ලෙස සැකකාර පල්ලේගම හේමරතන හිමිගේ, වින්දිත දැරියගේ සහ ඇයගේ මවගේ ජංගම දුරකතනවලට අදාළ දුරකතන විශ්ලේෂණ වාර්තා (Call Detail Analysis Reports) ද ලබාගෙන දැනටමත් අධිකරණයට භාරදී ඇති බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෙහිදී කියා සිටියේ සිද්ධිය තවමත් විමර්ශන මට්ටමේ පවතින බැවින් තමන් මේ අවස්ථාවේ විශේෂ කරුණු දැක්වීමක් සිදු නොකරන බවයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම සිද්ධියට අදාළව ඉදිරි පියවර සඳහා කඩිනමින් නීතිපති උපදෙස් (Attorney General’s Advice) ලබාගන්නා ලෙස නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේය.
නඩුව නැවත අගෝස්තු මස 21 වැනිදා කැඳවීමට නියමිතය. එදිනට විමර්ශනවල වත්මන් ප්‍රගතිය දැක්වෙන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට සහ වින්දිත දැරියගේ මවට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝග නිකුත් කළේය.

සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය