Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආපදා මරණ ගණන ඉහළට

7 hours ago

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ දෙකක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (15) පෙරවරුවේ නිවේදනය කළේය.

අද පෙරවරු 6ට නිකුත් කළ වාර්තාවට අනුව, මෙම මරණ වාර්තා වී ඇත්තේ මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලිනි. මේ වන විට දිස්ත්‍රික්ක 8කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව පීඩාවට පත්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව:

  • පීඩාවට පත් පිරිස: පවුල් 1,113කට අයත් පුද්ගලයන් 3,475ක්.
  • සුරක්ෂිත මධ්‍යස්ථාන: පුද්ගලයන් 104 දෙනෙකු මේ වන විට මධ්‍යස්ථාන දෙකක රඳවා සිටිති.
  • නිවාස හානි: නිවාස 88ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇත.

ආපදා තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බැවින් අවදානම් ප්‍රදේශවල සිටින ජනතාවට විමසිලිමත්ව පසුවන ලෙස බලධාරීන් දැනුම් දී සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *