Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

15 hours ago

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග පරිදි එම කෙටුම්පත සකස් කර ඇති අතර මැයි මස 15 වැනිදා රජයේ ගැසට් පත්‍රයේ පළ කෙරෙනු ඇති.

එමගින් 2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම හා ඊට සම්බන්ධ හෝ ඊට අනුශාංගික කාරණා සඳහා විධිවිදාන සැලැස්වීම පිණිසද මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා.

මෙය 2026 ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත වශයෙන් හඳුන්වන අතර පනත් කෙටුම්පත මගින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අවසන් වීමට නියමිතයි.

පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය දැරීම අවසන් කළ යුතු වනවා.

එම ධුරය දරන පුද්ගලයා අදාල සන්නද්ධ හමුදාවල ඔවුන් අයත් සේවයට අනයුක්ත කිරීම මේ අනුව සිදු කෙරෙනු ඇති.

මේ අනුව අදාල පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල සහ නිශ්චල දේපළ ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යංශය වෙත පැවරීම සිදුකළ යුතු බවයි පනත් කෙටුම්පතේ සදහන් වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *