Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරටට පැමිණි ICC උසස් නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක්

14 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අනාගත ගමන් මඟ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නිලධාරීන් කණ්ඩායම අද (17) කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා සහ දේවාජිත් සකියා ඇතුළු ICC නියෝජිතයන් පිරිසක් මෙම විශේෂ සාකච්ඡාවට එක්ව ඇති බවයි සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ මෑතකාලීන වෙනස්වීම්වලින් අනතුරුව සිදුවන මෙම ICC නිලධාරීන්ගේ සංචාරය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමනට ඉතා තීරණාත්මක වනු ඇතැයි පැවසෙන අතර, ජනාධිපතිවරයා හමුවීමට පෙර, මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) මූලස්ථානයේදී එහි නව පරිපාලන නිලධාරීන් සමඟ ද සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෙර පැවැති නායකත්වය ඉල්ලා අස්වීමෙන් පසු, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් නව පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා නව දෙනෙකුගෙන් යුත් “ක්‍රිකට් පරිවර්තන කමිටුවක්” (Cricket Transformation Committee) පත් කරන ලද අතර, ඉරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට පැවරී ඇත්තේ ඉදිරි නිලවරණය පවත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය මෙහෙයවීම සහ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *