Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රංග දිසානායකට එරෙහිව පැමිණිල්ලක්

27 minutes ago

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ඩබ්ලිව්.එම්.එන්.පී ඉද්දවෙල මහතාට අද (28) සංදේශයක් බාරදී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන රංග දිසානායකගේ ක්‍රියා කලාපය පිළිබඳව විශාල ගැටලුවක් පැන නැගී ඇතැයි ද ඔහු අත්තනෝමතික ලෙස පක්ෂග්‍රාහීව රාජකාරී කටයුතු කරන බවට පැමිණිලි රාශීයක් සමාජගත වී ඇතැයි ද අදාළ සංදේශයේ සඳහන් වේ.

එකී පැමිණිලි වල නිරවද්‍යතාවය ගැන නොදන්නා නමුත් එකී පැමිණිලි පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කොමිෂන් සභාව සතු පරම අයිතියක් බව ද සංදේශයේ සඳහන් වේ.

එමෙන්ම කපිල චන්ද්‍රසේන මහතා ජීවත්ව සිටියදී අධිකරණයට දෙන ලද දිවුරුම් ප්‍රකාශයේ සඳහන් චෝදනා පිළිබඳ අපක්ෂපාතී පරීක්‍ෂණයක් නොපමාව කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය අදාළ සංදේශය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියි.

කපිල චන්ද්‍රසේන කට උත්තරයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී එහි අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායක මහතා තර්ජනාත්මක ස්වරයෙන් ඔහු අමතා දෙනු ලබන ප්‍රකාශයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ නම් සිද්ධියකට අදාල බවට ප්‍රකාශ කරන ලෙස තර්ජනාත්මකව කියා සිටි බවට එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන්ව ඇතැයි ඒකාබද්ධ විපක්ෂය කියයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *