Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දන්සල් දෙන අයට දැනුම්දීමක්

4 hours ago

දිවයින තුළ මේ වන විට ‘මෙනින්ජයිටීස්’ රෝගයට ගොදුරු වූ පුද්ගලයන් 200 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරයි.

එම කාර්යාංශයේ ඊයේ (27) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය ප්‍රකාශ කළේ, දිස්ත්‍රික්ක හතරක් ආශ්‍රිතව රෝගීන් 50කට ආසන්න පිරිසක් දැනටමත් රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඉදිරියේදී උදාවන වර්ෂා කාලයත් සමඟ මෙම රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින්, ශරීරයේ යම් අසනීප ලක්ෂණයක් මතු වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතු බව ඇය අවධාරණය කළාය.

විශේෂයෙන්ම මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිතර උණුකර නිවාගත් පිරිසිදු ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වන අතර, රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් ප්‍රසිද්ධ ස්ථාන සහ ජනතාව බහුලව ගැවසෙන උත්සව අවස්ථාවලට සහභාගී වීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු බව වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

මේ අතර, වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කෙරෙන දන්සැල් හරහා මෙම මෙනින්ජයිටීස් රෝගය තවදුරටත් පැතිර යාම වැළැක්වීම සඳහා සිසිල් බීම වර්ග ලබාදීමෙන් වළකින ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දන්සැල් සංවිධායකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මාධ්‍ය හමුවට සම්බන්ධ වූ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිලංග රුවන්පතිරණ මහතා යෝජනා කළේ, සිසිල් බීම වෙනුවට තේ, කෝපි මෙන්ම රණවරා සහ බෙලිමල් වැනි සෞඛ්‍යාරක්ෂිත ඖෂධීය පාන වර්ග මහජනතාවට පිරිනැමිය හැකි බවයි.

දන්සැල් සඳහා පාන වර්ග සකස් කිරීමේදී සෑම විටම ජලය හොඳින් උණුකර සකස් කර ගන්නා උණුසුම් පාන වර්ග පමණක් ලබාදීමට වගබලා ගන්නා ලෙස ද ඔහු වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *