වාහන ආනයනය සඳහා වූ අධිභාරය තාවකාලිකව ඉහළ නැංවීම සහ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් වාහන මිල ගණන් තාවකාලිකව ඉහළ යෑමේ හැකියාවක් පවතින බව මහ බැංකුව සඳහන් කරයි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දකවමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් පැවසුවේ මෙවැනි තීන්දු තීරණ ගැනීමේදී අවම වශයෙන් දැනට ආනයනය කර ඇති වාහන සඳහා හෝ අවස්ථාවක් ලබා දිය යුතු බවය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති අරෝෂ රොද්‍රිගෝ මහතා,
“මෙහෙම දෙයක් සාමාන්‍යයෙන් සෙන්ට්‍රල් බෑන්ක් එක කරන්නේ. දැන් මේ අවස්ථාවේ තියෙන අර්බුදය නිසා. දැන් ඇත්තටම කියනවා නම් මේ වගේ අර ලෝන් වැලිව් රේෂුව කියන එක අඩු කරපුවහම මනුස්සයෙකුට ගන්න පුළුවන් තමන්ගේ කැපෑසිටි එක අඩු වෙනවා. එහෙම නැත්නම් එයාගේ එෆෝඩබිලිටි එක අඩු වෙනවා. එතකොට ඒක අඩු වෙනවා කියන්නේ සෘජුවම ආනයනය පොඩ්ඩක් සීමා වෙනවා.”
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා,
“මනුස්සයෙක් වාහනයක් ගන්න කොට සීයට පනහ දක්වා ලීසිං ෆැසිලිටි එකක් තමයි මෙච්චර කල් දුන්නේ. ඒක එකපාරට සීයට හතළිහ කරලා. එකපාරට මෙහෙම ලෝන් ටු වැලිව් ඉරේස් එක වෙනස් කරපු ගමන් අපිට මේ වාහන විකුණගන්න බැරි වෙනවා. මේක ඇත්තට මං දන්නෑ ගවනර්ගේ අතින් වෙච්ච වැරදීමක් ද, මොකක්ද මේ කන්සෙප්ට් එක කියලා. ඇත්තටම මේවගේ ඩිෂිෂන්ස් ගන්නකොට අඩු ම තරමේ ගෙනාපු වාහන, එල්සී ඕපන් කරපු වාහන වලට මේ අවස්ථාව ලබා දෙන්න ඕන අපිට.”

බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළට
ජනපතිගෙන් දැඩි තීරණයක්
අගමැතිනියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත් ගැන දැනුම්දීමක්
සුරාසැල් වැසෙන දින මෙන්න
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්
මෙරටින් හමු වූ මෙනින්ජයිටීස් රෝගීන් සංඛ්‍යාව 200 ඉක්මවා යයි
වෙසක් උත්සවය වෙනුවෙන් වැසෙන ස්ථාන හා දින පිළිබඳව දැනුම්දීමක්
බැංගලෝරයට IPL අවසන් තරගයේ දොරටු විවර වෙයි
ඩොලරය යළිත් ඉහළට! 330 සීමාව ඉක්මවා යයි!
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට! චීන්නුන්ගෙන් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලලා!
රාජ්‍ය වෙසක් උත්සවය අද ඇරඹෙයි
ශ්‍රී ලංකාව පිළිබඳ තීරණාත්මක IMF සමාලෝචනය අද