අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන මෙම වසරේ මැයි මාසයේ දීමනා හෙට (29) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභක මණ්ඩලය පවසයි.
ඒ අනුව, ‘අස්වැසුම’ පළමු සහ දෙවැනි අදියර යටතේ සුදුසුකම් ලැබූ වැඩිහිටියන් ලක්ෂ 7කට ආසන්න පිරිසක් වෙනුවෙන් රුපියල් තුන්සිය හතළිස් නව කෝටි තිස් නව ලක්ෂ පහළොස්දහසක (3,493,915,000.00) මුදලක් රජය විසින් මෙලෙස නිදහස් කර තිබේ.
අදියර අනුව ප්රතිලාභ මුදල් වෙන් කර ඇති ආකාරය පහත පදිරි වේ.
පළමු අදියර – වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටි ප්‍රතිලාභීන් 625,128 දෙනෙකු වෙනුවෙන් රුපියල් 3,125,600,000.00 ක මුදලක්.
දෙවන අදියර – වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටි ප්‍රතිලාභීන් 73,663 දෙනෙකු වෙනුවෙන් රුපියල් 368,315,000.00 ක මුදලක්.
මෙම සියලුම ප්‍රතිලාභීන්ට තමන්ට හිමි වැඩිහිටි දීමනාව හෙට සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකි බව ද එම මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.

චීන්නුන්ගෙන් අල්ලස් ගන්න ගිය වැලිකඩ OIC රිමාන්ඩ්
අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්
රංග දිසානායකට එරෙහිව පැමිණිල්ලක්
ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මීහරකාව බංග්ලාදේශ රජය මැදිහත් වී බිලිදීමට පෙර බේරාගනියි
දන්සල් දෙන අයට දැනුම්දීමක්
දින 6 බිළිඳා රෝහලේ දමා මව පිටව ගිහින්
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා පිටියෙන් ලක් මව රනින් සැරසෙයි
සෝභිත හිමි ජනපතිගෙන් කල ඉල්ලීම
රෝහල් ගතකළ බන්ධනාගාර රැඳවියා නිලධාරීන්ගේ ග්රහණයෙන් පැනයයි
පිළිකා ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කර ගැනීමට FBI සහාය පැතීමට සැරසෙයි