Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රෝහල් ගතකළ බන්ධනාගාර රැඳවියා නිලධාරීන්‌ගේ ග්‍රහණයෙන් පැනයයි

9 hours ago

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හැටන් දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අද (27) අලුයම බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළාගොස් තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔහු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඊයේ (26) රාත්‍රියේ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අද අලුයම සැකකරු බන්ධානාගර නිලධාරින්ගේ ග්‍රහනයෙන් මිදි පලාගොස් ඇති බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ යා.

ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දීමෙන් පසු ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

ඉකුත් බ්‍රහස්පතින්දා හැටන් දික්ඔය ප්‍රදේශයේදී අඹු සැමි යුවලක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැණුනා

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙලිවූයේ ණය මුදලක් ගෙවීම සඳහා ඔවුන් ඝාතනය කර ස්වර්ණාභරණ පැහැර ගෙන ඇති බවයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *