Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්

25 minutes ago

මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, මෙම වෙඩි තැබීමෙන් අනතුරුව අදාළ මෝටර් රථය සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් බාරයට ගෙන ඇති බවයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පොලිස් මාර්ග බාධකයකදී මෙම මෝටර් රථය නතර කිරීමට සංඥා කර ඇති අතර, එහිදී රථයේ රියදුරු පොලිස් නිලධාරියෙකුගේ ජීවිතයට අනතුරක් වන අයුරින් රථය පදවා පළා යෑමට උත්සාහ කර ඇත.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් විසින් මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *