සිය 11 හැවිරිදි සහෝදරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි සිසුවෙකු ඒරාවුර් පොලිසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඒරාවුර් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි සිසුවියකි.
පසුගිය 28 වෙනිදා එම දැරියගේ මළ සිරුර නිවසේ නානකාමරයේ ඇති ජල ටැංකියේ තිබී සොයාගන්නා ලදී.
මිය ගිය නැගණිය දුරකතනය ලබානොදීම හේතුවෙන් එම සිසුවා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මෙම දරුවන්ගේ මව විදේශගතව සිටින අතර මෙම සිදුවීම සිදුවන දිනයේ ඔවුන්ගේ පියා රැකියාව සඳහා පිට ප්‍රදේශයකට ගොස් ඇත.
මෙවන් පසුබිමක සැකකරු විසින් සිය නැගණියගෙන් දුරකතනය ඉල්ලා ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීම දුරදිග යාමත් සමඟ ඔහු මෙම ඝාතනය සිදු කර ඇති බවත් ඉන් අනතුරුව ඔහු අසල්වාසි නිවසකට ගොස් සිට ඇති බවට සැක පළ කෙරේ.
රැකියාවට ගොස් සිටි පියා නිවසට පැමිණ දරුවන්ව සොයා ඇති අතර එහිදී සිය දියණිය ජල ටැංකියේ සිහිසුන්ව වැටී ඇති අයුරු ඔහු දැක ඇත.
ඉන් අනතුරුව ඇයව රෝහල් ගත කිරීමට පියවර ගත්ත ද ඒ වනවිටත් ඇය මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් 14 හැවිදිරි සිසුවාගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන් විසින් සිය නැගණිය ඝාතනය සිදු කළ බවට හෙළි විය.
ඉන් අනතුරුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගත් බවත්, ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
(source – ada derana)

අද කාලගුණ නිවේදනය
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
අද අහසේ නිල් සඳක්
අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි
සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්
කත්නෝරුවේ හිමි වැනි අයගේ සහයෝගය ඕනේ – ජනපති
විදුලි බිල අඩු කරන පෙරනිමිති! ශ්‍රී ලංකාවට ප්‍රථම වරට බැටරි බලශක්ති ගබඩා පද්ධති!
අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්! පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි!
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!