ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්විය.
මෙරට වේලාවෙන් ඊයේ (4) රාත්‍රියේ පැවති මෙම ඉසව්වේදී රුමේෂ් තරංග මීටර් 92.62ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී දක්ෂතාව වාර්තා කළේය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90ට වඩා වැඩි දුරක් හෙල්ල විසිකළ පළමු හා එකම අවස්ථාව මෙය වන අතර, ඉකුත් මාර්තු මාසයේ මෙරට පැවති තරගයකදී මීටර් 89.37 ක දක්ෂතාවක් දක්වමින් රුමේෂ් විසින් පිහිටුවන ලද ඔහුගේම ශ්‍රී ලංකා වාර්තාව ද මෙහිදී බිඳහෙලනු ලැබුවා.
මෙම දක්ෂතාව, නව තරගාවලි වාර්තාවක් මෙන්ම 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීම ලෙස ද වාර්තා අලුත් කරන්නට සමත් වී තිබෙනවා.
මීට වසර 20කට පෙර, 2006 වසරේදී නෝර්වීජියානු ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් විසින් මීටර 90.34 ක දුරක් විසි කරමින් පිහිටුවා තිබූ තරග වාර්තාව ද රුමේෂ් තරංග විසින් අභිබවා යනු ලැබුවා.
හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ආසියානු ක්‍රීඩකයෙකු දැක්වූ දෙවැනි හොඳම දක්ෂතාව වන අතර, අවසන්වරට පැවති පැරිස් ඔලිම්පික් උළෙලේදී පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් විසින් මීටර් 92.97ක දක්ෂතාවක් දක්වා තිබුණා.

සමාජ මාධ්‍ය කැළඹූ යාපනයේ තරුණයාගේ අත්අඩංගුවට ගැනීම ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් අත්අඩංගුවට
දිලිත්ගෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්
මෙරට නිල සංචිත ඉහළට
ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක්! ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි!
ශ්‍රී ලාංකිකයන්ට FIFA ලෝක කුසලානය නැරඹිය හැකි ආකාර
භාණ්ඩාගාර බිල්පත් පොලිය කැපී පෙනෙන ලෙස ඉහළට! බැංකු පොලියත් ඉහළ යන ලකුණු!
ලාෆ් ගැස් මිල ගැන දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අද දුන් නියෝගය
හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සහකාර බැංකු කළමනාකරුවෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්