ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ඇතුළත් පූර්ණ ක්‍රිකට් තරගාවලියේ එක්දින තරගාවලිය අද (3 වැනිදා) සිට කිංග්ස්ටන්හිදී ආරම්භ වීමට නියමිතය.
අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් දේශයේ එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා 2021 වසරේදී එක්වූ අතර එහිදී තරග 3-0ක පූර්ණ තරගාවලි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ අනුව වසර පහකට පසුව ශ්‍රී ලංකාව කොදෙව් කණ්ඩායම සමග තරගාවලියකට එක්වෙයි. එසේම පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති කොදෙව් එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-1ක් ලෙස ජයගැනීමට සමත්විය.
මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම නව නායකත්වයක් සමග තරග වදින ප්‍රථම තරගාවලිය වන අතර කුසල් මෙන්ඩිස් සිය නායකත්වයේ වගකීම විදෙස් තරගාවලියකින්ම ආරම්භ කිරීමද විශේෂත්වයකි. තරගාවලියේ තරග තුනම කිංග්ස්ටන්හි සබීනා පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ප්‍රථම තරගය අද දිවා තරගයක් ලෙස මෙරට වේලාවෙන් රාත්‍රි 8ටත්, දෙවැනි සහ තෙවැනි තරග 7 වැනිදා සහ 9වැනිදා දිවා රාත්‍රි තරග ලෙස මෙරට වේලාවෙන් අලුයම 1ට ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්