ඉතිහාසයේ නොවී විරූ අන්දමින් වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවත කරමින් සිටින බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
මෙරට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා අද (05) පස්වරුවේ, සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් කොළඹ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී හමුවිය.
එම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,
“මේජර් ජනරල් සුරේෂ් සලේ මෙරට ත්‍රස්තවාදය අවසන් කරන්න කටයුතු කරපු තීරණාත්මක චරිතයක්. මෙතුමාට පළමුව හිමිවෙන්නට ඕනේ අන්න ඒ අපේ තිබෙන සෙනෙහස. ඔහුට එරෙහිව චෝදනාවක් එල්ල වෙනවා නම් ලංකාවේ හැම පුරවැසියෙකුටම අයිති නිර්දේශී භාවයේ පූර්ව නිගමනය ඔහුට බලපාන්නට ඕනේ.
මේ ආණ්ඩුව බලයට එන්න කලින් PTA එක පාවිච්චි කරන්නේ නෑ කියලා තමයි බලයට ආවේ. ඔවුනුත් පෙන්වා දුන්නු කාරණයක් තමයි මේක අවභාවිත කරන්න පුළුවන් නීතියක්. හැබැයි ඉතිහාසයේවත් මෙසේ අවභාවිත කරලා තිබුණේ නෑ. මේක තමයි බරපතළම අවභාවිතය රඳවා ගැනීමේ නියෝග මත තබා ගැනීම. අපි බලාපොරොත්තු වෙනවා පක්ෂයක් හැටියට ජාතික මට්ටමේ විරෝධතාවයක් ගෙන එන්නට මොකද මේක මෙතනින් එහාට යන්න දෙන්නට බැහැ.”

සමාජ මාධ්‍ය කැළඹූ යාපනයේ තරුණයාගේ අත්අඩංගුවට ගැනීම ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් අත්අඩංගුවට
මෙරට නිල සංචිත ඉහළට
ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක්! ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි!
ශ්‍රී ලාංකිකයන්ට FIFA ලෝක කුසලානය නැරඹිය හැකි ආකාර
භාණ්ඩාගාර බිල්පත් පොලිය කැපී පෙනෙන ලෙස ඉහළට! බැංකු පොලියත් ඉහළ යන ලකුණු!
ලාෆ් ගැස් මිල ගැන දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අද දුන් නියෝගය
හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සහකාර බැංකු කළමනාකරුවෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළට