Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මත් ජාවාරම්කාරියකගේ දේපළ ක්‍රියා විරහිත කරයි

15 hours ago

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධි ලෙස උපයා ගත් මුදලින් මිලදී ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා.

මෙලෙස ක්‍රියාවිරහිත කර ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි තම ස්වාමි පුරුෂයා සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවගේ දේපළයි.

අදාළ දේපළ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගනු ලැබූ දේපළ කිහිපයක් බවයි වාර්තා වන්නේ.

අදාළ ජාවාරම්කාරියගේ දෙවන විවාහක ස්වාමිපුරුෂයා විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනා තොටළඟ ප්‍රදේශයේ පිහිටි පර්චස් 1.30ක ඉඩම හා පර්චස් 0.75ක් සහිත ඉඩම මෙන්ම තෙමහල් නිවස මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියාවිරහිත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ දේපළ සම්බන්ධව කොළඹ මහාධිකරණය මගින් ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය දීර්ඝ කර බලාත්මක කර ඇති අතර ඊයේ (05) දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බවත් පොලීසිය විසින් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *