මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධි ලෙස උපයා ගත් මුදලින් මිලදී ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා.
මෙලෙස ක්‍රියාවිරහිත කර ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි තම ස්වාමි පුරුෂයා සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවගේ දේපළයි.
අදාළ දේපළ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගනු ලැබූ දේපළ කිහිපයක් බවයි වාර්තා වන්නේ.
අදාළ ජාවාරම්කාරියගේ දෙවන විවාහක ස්වාමිපුරුෂයා විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනා තොටළඟ ප්‍රදේශයේ පිහිටි පර්චස් 1.30ක ඉඩම හා පර්චස් 0.75ක් සහිත ඉඩම මෙන්ම තෙමහල් නිවස මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියාවිරහිත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ දේපළ සම්බන්ධව කොළඹ මහාධිකරණය මගින් ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය දීර්ඝ කර බලාත්මක කර ඇති අතර ඊයේ (05) දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බවත් පොලීසිය විසින් සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මහ බැංකුව මැයි මාසයේ දී ඩොලර් මිලියන 223ක් විකුණලා
මීගොඩ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා රිමාන්ඩ්
ගම්මන්පිලගේ ප්‍රකාශයට පොලීසියෙන් සැර පිළිතුරක්
රුසියාවට යුක්රේනයෙන් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්
වීදි සුනඛයන්ට අමානුෂික ලෙස පහරදුන් බැංකු නිලධාරිනියක් අත්අඩංගුවට
ඉන්දීය විස්සයි20 නායකත්වයේ හදිසි වෙනසක්! සූර්යකුමාර් සංචිතයෙනුත් ඉවතට!
සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් අරඹයි?
මීගොඩ දන්සල් අනතුරේ කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
කොටා පාර දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසයි
වාහන ආනයනය ගැන රේගුවෙන් ප්‍රකාශයක්
ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්! රෝහල් ධාරිතාව ඉක්මවා යන ලකුණු!
මියයන්න පෙර කපිල චන්ද්‍රසේනට ලැබුණු අවසන් උපදෙස ගැන ඔහුගේ නීතිඥයන්ගෙන් අනාවරණයක්