මීගොඩ මංසන්ධියේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා ලබන16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඔවුන් අද (06) හෝමාගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
පසුගිය ඉරිදා (31) සිදු වූ මෙම රිය අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් හත් දෙනෙකු තුවාල ලැබීය.
අනතුරෙන් පසුව පලාගොස් සැඟව සිටි, කැබ් රථයේ හිමිකරු සහ එම අවස්ථාවේදී එහි ගමන් කළ පුද්ගලයෙකු අද (06) මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අදාළ අනතුරින් දින හයකට පසුව ඔවුන් දෙදෙනා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් අනතුරුවය.
අනතුරින් පසු පලාගිය සැකකාර රියදුරු ලුහුබැඳ ගොස් එදින රාත්‍රියේදී ගොඩගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.
ඒ වනවිට අධික ලෙස බීමත්ව සිටි බව කියන සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක් බව සඳහන් වේ.
මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා 10ක් යටතේ ඔහු එදිනම හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එහිදී හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය, අනතුර සිදුකළ රියදුරු ජුනි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
අනතුර සිදුකළ අවස්ථාවේදී කැබ් රථයේ තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් සිටි බවටත්, අනතුරෙන් පසු ඔවුන් රථයෙන් බැස පලාගොස් ඇති බවටත් පොලීසියට තොරතුරු අනාවරණ වී තිබුණි.
ඒ අනුව පලාගිය පිරිස දින ගණනක් පොලීසියෙන් සැඟව සිටීම නිසා ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඔවුන් සොයාගැනීමට පොලිසිය ඊයේ මහජන සහාය ද ඉල්ලා සිටියේය.

මහ බැංකුව මැයි මාසයේ දී ඩොලර් මිලියන 223ක් විකුණලා
ගම්මන්පිලගේ ප්‍රකාශයට පොලීසියෙන් සැර පිළිතුරක්
රුසියාවට යුක්රේනයෙන් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්
වීදි සුනඛයන්ට අමානුෂික ලෙස පහරදුන් බැංකු නිලධාරිනියක් අත්අඩංගුවට
ඉන්දීය විස්සයි20 නායකත්වයේ හදිසි වෙනසක්! සූර්යකුමාර් සංචිතයෙනුත් ඉවතට!
සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් අරඹයි?
මීගොඩ දන්සල් අනතුරේ කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
කොටා පාර දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසයි
වාහන ආනයනය ගැන රේගුවෙන් ප්‍රකාශයක්
ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්! රෝහල් ධාරිතාව ඉක්මවා යන ලකුණු!
මත් ජාවාරම්කාරියකගේ දේපළ ක්‍රියා විරහිත කරයි
මියයන්න පෙර කපිල චන්ද්‍රසේනට ලැබුණු අවසන් උපදෙස ගැන ඔහුගේ නීතිඥයන්ගෙන් අනාවරණයක්