දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය හේතුවෙන් මේ වනවිට දිවයිනේ රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යමින් පවතින බවට සෞඛ්‍ය අංශ දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පෙන්වා දෙන්නේ, මෙම වසරේ ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 35,228ක් වාර්තා වී ඇති බවයි. මෙය පසුගිය වසරට සාපේක්ෂව 30%ත් 40%ත් අතර කැපී පෙනෙන වර්ධනයකි. පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ඇතිවූ අධික වර්ෂාපතනය සහ දිවයිනට බලපෑ විටින්විට ලැබෙන වර්ෂාපතනය මෙම ශීඝ්‍ර ව්‍යාප්තියට ප්‍රධානතම හේතුව වී තිබේ.
මේ වනවිට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ඩෙංගු රෝගීන් වාර්තා වන අතර, රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි:
- සමස්ත රෝගීන්ගෙන් 50%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.
- රෝගීන්ගෙන් 80%ක්ම කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල සහ මහනුවර යන ප්‍රධාන දිස්ත්‍රික්ක 6න් වාර්තා වී ඇත.
ඊයේ (05) දිනයේදී තවත් ඩෙංගු මරණයක් වාර්තා වීමත් සමග, මෙම වසර තුළ සිදුවූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මියගිය පිරිස අතරට කාන්තාවන් බහුතරයක් (12 දෙනෙකු) අයත් වන අතර, ඊට අමතරව පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ද ඒ අතර වෙති.

මහ බැංකුව මැයි මාසයේ දී ඩොලර් මිලියන 223ක් විකුණලා
මීගොඩ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා රිමාන්ඩ්
ගම්මන්පිලගේ ප්‍රකාශයට පොලීසියෙන් සැර පිළිතුරක්
රුසියාවට යුක්රේනයෙන් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්
වීදි සුනඛයන්ට අමානුෂික ලෙස පහරදුන් බැංකු නිලධාරිනියක් අත්අඩංගුවට
ඉන්දීය විස්සයි20 නායකත්වයේ හදිසි වෙනසක්! සූර්යකුමාර් සංචිතයෙනුත් ඉවතට!
සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් අරඹයි?
මීගොඩ දන්සල් අනතුරේ කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
කොටා පාර දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසයි
වාහන ආනයනය ගැන රේගුවෙන් ප්‍රකාශයක්
මත් ජාවාරම්කාරියකගේ දේපළ ක්‍රියා විරහිත කරයි
මියයන්න පෙර කපිල චන්ද්‍රසේනට ලැබුණු අවසන් උපදෙස ගැන ඔහුගේ නීතිඥයන්ගෙන් අනාවරණයක්