මහරගම, පතිරගොඩ පාර ප්‍රදේශයේ මහාමාර්ගයේ සිටින වීදි සුනඛයන්ට අමානුෂික අයුරින් වද හිංසා පමුණුවන ලද බවට චෝදනා ලැබූ බැංකු විධායක නිලධාරිනියක මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම සැකකාරිය පසුගිය වෙසක් පොහොය දින රාත්‍රියේ සහ අලුයම් කාලයේදී මහමග සිටි සුනඛයන්ට පොලු මුගුරුවලින් පහර දී ඇති අතර, යතුරුපැදියකින් යටකර දැමීමට ද උත්සාහ කර ඇත. මෙම සියලු අමානුෂික ක්‍රියාවන් අදාළ ප්‍රදේශයේ සවිකර තිබූ ආරක්ෂිත (CCTV) කැමරාවල පැහැදිලිව සටහන්ව තිබී ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් සිදුකළ පැමිණිල්ලක් මත පොලිසිය වහාම විමර්ශන ආරම්භ කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකාරිය රජයේ බැංකුවක විධායක ශ්‍රේණියේ සේවය කරන විශ්වවිද්‍යාල උපාධිධාරිනියකි.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදාළ නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති පොලිසිය පසුව ඇයව පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇත.

මහ බැංකුව මැයි මාසයේ දී ඩොලර් මිලියන 223ක් විකුණලා
මීගොඩ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා රිමාන්ඩ්
ගම්මන්පිලගේ ප්‍රකාශයට පොලීසියෙන් සැර පිළිතුරක්
රුසියාවට යුක්රේනයෙන් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්
ඉන්දීය විස්සයි20 නායකත්වයේ හදිසි වෙනසක්! සූර්යකුමාර් සංචිතයෙනුත් ඉවතට!
සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් අරඹයි?
මීගොඩ දන්සල් අනතුරේ කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
කොටා පාර දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසයි
වාහන ආනයනය ගැන රේගුවෙන් ප්‍රකාශයක්
ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්! රෝහල් ධාරිතාව ඉක්මවා යන ලකුණු!
මත් ජාවාරම්කාරියකගේ දේපළ ක්‍රියා විරහිත කරයි
මියයන්න පෙර කපිල චන්ද්‍රසේනට ලැබුණු අවසන් උපදෙස ගැන ඔහුගේ නීතිඥයන්ගෙන් අනාවරණයක්