Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ

2 hours ago

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිර දඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළා.

එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ, අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ස්ථීර කරන බවයි.

අදාළ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශට ඉකුත් 2022 වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබුණා.

එම දඬුවම්වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා, ඇය විසින් ඉහත අභියාචනය කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *