2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවැති තීරණාත්මක තරගයකදී වත්මන් ලෝක ශූරියන් වන ප්‍රබල නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස් කිරීමට සමත් විය. නවසීලන්ත ඉනිම ශක්තිමත් කළ මෙලී කර් (Melie Kerr) සහ සොෆී ඩිවයින් (Sophie Devine) ලකුණු 45 බැගින් ලබා ගත් අතර, මැඩි ග්‍රීන් ලකුණු 18ක් එක් කළාය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිෂ්කා දිල්හාරි කඩුලු 2ක් දවාගත් අතර, මිහිරි අයෝධ්‍යා, කව්‍යා කාවින්දි, සුගන්ධිකා කුමාරි, චමරි අතපත්තු සහ නිමාෂා මේගපගේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
ලකුණු 151ක ජයග්‍රහණයේ ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය සතු කරගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රහණයේ ප්‍රධානම නියමුවා බවට පත්වූයේ නිලක්ෂි ද සිල්වාය. ඇය පීඩනය හමුවේ නොබියව පන්දුවට පහරදෙමින් නොදැවී සුපිරි ලකුණු 54ක් රැස් කළාය. මුල් පෙළ පිතිකාරිණියන් ලෙස නායිකා චමරි අතපත්තු ලකුණු 27ක්, විශ්මි ගුණරත්න ලකුණු 17ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 5ක් සහ හසිනි පෙරේරා ලකුණු 2ක් ලබා ගත්හ. ඉන් අනතුරුව නිලක්ෂි සමඟ අගනා සබඳතාවයක් ගොඩනැඟූ කෞෂිනි නූත්යාංගනා නොදැවී ලකුණු 24ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී සීමාව වෙත රැගෙන යාමට දායක වූවාය.
පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් බෲක් හලිඩේ සහ ජෙස් කර් කඩුලු 2 බැගින් දවා ගත්තද, ශ්‍රී ලංකා ඉනිම මෙල්ල කිරීමට එය ප්‍රමාණවත් නොවීය.

ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)