සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාලව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීතිවිරෝධී වත්කම් ඒකකයට අද (17) නියෝග කළා.
මෙම මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (17) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම සිද්ධියට අදාල තුන්වන සැකකරු විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ රහස් ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත පළ කළ බව එම සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට දැනුම් දුන්නා.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට 2014 වර්ෂයේදී යොමු කර තිබූ රුපියල් මිලියන 7.8 ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතුවලට වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබා දී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය මෙම සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබුණා.
මෙම සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂකවරයා වන රූමි ජවුෆර් නමැත්තා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමටත් සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා

ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)