බැංකු ගිණුම් සහ සමාජ මාධ්‍ය හැක් වීමෙන් බේරෙන්න ලංකා පොලිසිය විසින් පුද්ගලයන්ට අපූරු උපදෙස් මාලාවක් ලබා දී තිබේ.
ඩිජිටල් ලෝකයේ ආරක්ෂිතව සිටීමට මෙම උපදෙස් අනුගමනය කරන්න.
සෑම ගිණුමක් සඳහාම අද්විතීය සහ ශක්තිමත් මුරපද භාවිතා කරන්න එකම මුරපදය ගිණුම් කිහිපයකට භාවිතා කිරීමෙන් වළකින්න. අකුරු, අංක සහ විශේෂ ලකුණු ඇතුළත් ශක්තිමත් මුරපද තෝරාගන්න.
ද්වි-සාධක සත්‍යාපනය (2FA) සක්‍රීය කරන්න ඔබගේ බැංකු ගිණුම්, ඊමේල් සහ සමාජ මාධ්‍ය ගිණුම් සඳහා Google Authenticator වැනි යෙදුම් භාවිතයෙන් අමතර ආරක්ෂාවක් ලබාගන්න.
පෞද්ගලිකත්ව සහ ආරක්ෂක සැකසුම් නිරන්තරයෙන් සමාලෝචනය කරන්න Facebook, Instagram සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවල රහස්‍යතා සැකසුම් නිවැරදිව සකස් කර ඔබගේ තොරතුරු ආරක්ෂා කරගන්න
මෙහෙයුම් පද්ධතිය (OS) සහ යෙදුම් නිරන්තරයෙන් යාවත්කාලීන කරන්න ජංගම දුරකථනයේ සහ පරිගණකයේ නවතම යාවත්කාලීන ස්ථාපනය කිරීමෙන් ආරක්ෂක දුර්වලතා අවම කර සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂාව වැඩි කරගත හැක.
පොදු Wi-Fi ජාල භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න නොමිලේ ලබාදෙන පොදු Wi-Fi ජාලවලට සම්බන්ධව සිටින විට බැංකු ගනුදෙනු කිරීම හෝ සංවේදී පුද්ගලික තොරතුරු හුවමාරු කිරීමෙන් වළකින්න.
ඔබගේ ඩිජිටල් ආරක්ෂාව ඔබගේම වගකීමකි. සයිබර් අවදානම් වලින් ආරක්ෂා වීමට සෑම විටම අවධානයෙන් කටයුතු කරන්න.

දැරණියගලදී පොලිස් රාජකාරීයට බාධා කළ හතරකට අධිකරණයෙන් දුන් නියෝගය
IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට
වංචනික පෙම්වතුන්ගෙන් ප්‍රවේශම් වෙන්න! පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
මෙරට ඉන්ධන මිල පහත දමන දිනය ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්
අමාත්‍යංශ ලේකම්වරුන්ව ජනපති කාර්යාලයට කැඳවයි
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙමින් පාකිස්තානය ඉන්ධන මිල පහළ දමයි
රවීගේ, ශානිගේ පත්වීම ගැන ඇමති බිමල් දැන් කියන කතාව
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි
ශ්‍රී ලංකාවට FOTON මෙට්‍රෝ බස් 104ක්
12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝම්බරයේ