Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙ.සහකාර ලේකම්වරයා ගැන තොරතුරු රැසක් එළියට

1 hour ago

ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනුණි.

ඒ මේවන විට එම කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන කරන්දෙණියේ රාජු නම් අපරාධකරුට විදෙස්ගතවීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සහෝදරයා වන කරන්දෙණියේ රාජු පසුගියදා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට රැගෙන එනු ලැබීය.

ඒ අනුව, සැකකරු මේවන විට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන විමර්ශන සිදුකරන අතර එහිදී ඔහුට විදේශගතවීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් විදෙස්ගමන් බලපත්‍රයක් සැකසීම සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ 2023 වසරේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කළ පුද්ගලයෙකු අදාළ ගුවන් ගමන් බලපත්‍රය සකස්කර දී ඇති බවයි.

ඔහු පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, එම පුද්ගලයා මේවන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව 41 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාළ සැකකරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව සැකකරු අද (27) පෙරවරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *