වත්මන් රජයේ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් තමන් වෙත ලැබෙන දුරකථන ඇමතුම් මෙන්ම සාකච්ඡා සඳහා ලබාදෙන ඉල්ලීම් ද දිගින් දිගටම මඟහරිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කරනවා.
ඊයේ (26) පැවති සභාවාරය අතරතුර ඔහු කියා සිටියේ, පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ නිරත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් 29 වතාවක්ම අවස්ථාව ඉල්ලා සිටියද ජනාධිපතිවරයා හමුවීමට මෙතෙක් අවස්ථාව ලැබී නොමැති බවයි.
තමන් සමඟ මීට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාත්‍රී කාලයේදී පැය දෙකක පමණ කලයක් දුරකථනයෙන් සාකච්ඡා කළද වර්තමානය වන විට ඇමතුම් මඟහරින බව ඔහු සඳහන් කළා.
එහිදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“ජනාධිපතිතුමා හම්බෙන්න 29 වතාවක් පුනර්ජනනීය බලශක්ති අය ඉල්ලලා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජනාධිපතිතුමා හම්බෙලා මේ ප්‍රශ්නේ කියන්න කියලා. ෆෝන් එක ආන්සර් කරන්නේ නෑනේ.
ඇමතිවරු ෆෝන් එකට ආන්සර් කරන්නේ නෑ.සමහරු මට කියලා තියෙනවා පොඩි මැසේජ් එකක් දාලා තියන්න කෝල් එක ගන්න බැරිවුණාම කියලා. අපි එහෙම නෙවෙයි. අපි ඕන වෙලාවක රෑ 11 ට 12 ට හරි අපි ෆෝන් එකට ආන්සර් කරනවා. මේ ඇමතවරු එක්කෙනෙක්වත් ෆෝන් එකට ආන්සර් නෑ. ඉස්සර ඉතින් මාත් එක්ක පැයක් දෙකක් කතා කරනවනේ රෑට. දැන් නෑ. තරහ වෙලාද දන්නේ නෑ. නමුත් ආන්සර් කරන්නේ නෑ. එහෙමයි අපි වැඩ කලේ.”
කෙසේ වෙතත්, දයාසිරි ජයසේකර මහතාගේ මෙම ප්‍රකාශයට වහාම පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ප්‍රශ්න කර සිටියේ, “ඔයාගේ ෆෝන් ආන්සර් කරන්න කවුද ඔයා?” යනුවෙන්.

බ්‍රිතාන්‍ය ඉන්ධන නැවකට ප්‍රහාරයක්
තාත්තට ඇවිටිලි කර සාදාගත් එකලස් කළ යතුරු පැදිය පාසල් සිසුවාට මරු කැඳවයි
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) නව සභාපතිවරයෙක්
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා ගැන පැහැදිලිකිරීමක්
‘මිස්ටර් කොත්තු’ හිමිකරුට වැඩ වරදින ලකුණු
අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙ.සහකාර ලේකම්වරයා ගැන තොරතුරු රැසක් එළියට
අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල්
සුරේෂ් සලේට හෘදයාබාධයක්
සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි