Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තාත්තට ඇවිටිලි කර සාදාගත් එකලස් කළ යතුරු පැදිය පාසල් සිසුවාට මරු කැඳවයි

4 minutes ago

එකලස් කළ යකඩ හීනය නිසා සිසුවෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි

16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් යමින් සිටියදී මකුළුදූව ප්‍රදේශයේදී අද (27) පෙරවරුවේදී දුරකථන කණුවක ගැටී තිබෙනවා.

එම අනතුරින් එක් සිසුවෙකු මිය ගොස් අනෙක් සිසුවා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පිළියන්දල පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් මියගොස් ඇත්තේ 11 වන ශ්‍රේණියේ ඉගනුම ලබන පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙක්.

සිදු වූ අනතුරින් යතුරුපැදියේ ඉදිරිපස රෝදය සහ යතුරුපැදියේ තවත් කොටස් කිහිපයක් කැඩි වෙන් වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මියගිය සිසුවා පැදවූ යතුරුපැදිය කොටස් එකලස් කරන ලද එකක් බව පොලිසිය පවසනවා.

මියගිය සිසුවාට රියදුරු බලපත්‍රයක් නොමැති බවත්, බරපතල තුවාල ලද පසුපැදිකරු ආරක්ෂක හිස් වැසුම් පැළඳ නොසිටි බවත්, විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

යතුරුපැදිය ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී වේගය පාලනය කර ගත නොහැකිව දුරකථන කණුවේ ගැටී මෙම අනතුර වී සිදු වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලබා සිටි පසුපැදිකරු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පැදිකරු පිළියන්දල දිසාරෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

විදේශ ගතව සිටින පියාට පෙරැත්තකිරීම හේතුවෙන් මීට මාස දෙකකට පමණ ඉහතදී මෙම යතුරුපැදිය සිසුවාට මිලදීගෙන තිබේ. 

මව රැකියාවට ගිය අතරවාරයේදී නැගණිය පමණක් නිවසේ සිට ඇති අතර මියගිය දරුවා යතුරුපැදිය රැගෙන ඒ ආසන්නයේ නිවසක පදිංචි එකම පන්තියේ ඉගෙනුම ලබන මිතුරෙකු සමග මකුළුදූව සිට ඇරැව්වල දෙසට යමින් සිටියදී එම දිසාවට ගමන් ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමටයාමේදී වේගය පාලනය කර ගත නොහැකිව දුරකථන කණුවේ ගැටී මෙම අනතුර වී තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *