මීගමුව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත කඩිනමින් මාරු කර යැවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අද (06) දින උදෑසන රැඳවියන් අතර නැවතත් ගැටුමක් හට ගෙන ඇති අතර එය මැඩපැවැත්වීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට පහරදීමට පටන් ගෙන ඇති බවය.
එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින් ප්‍රධාන දොරටුව දෙසට දිව ඇවිත් ඇති අතර රැඳවියන් ඔවුන්ව පන්නාගෙන ඇවිත් පහරදීමක් සිදුකර තිබේ.
රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව කැඩීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීදන් විසින් අවම බලය යොදා රැඳවියන්ව පාලනය කිරීමට කටයුතු කර ඇත.
බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසුවේ අද උදෑසන රැඳවියන්ට ආහාර ලබාදීමට ගිය බන්ධනාගාර රැඳවියන්ට මෙලෙස පහර දී ඇති බවය.
ඉන්දියාවෙන් Meta සමාගමට රතු එළියක්
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අභියාචනය විභාගයට දින නියම වෙයි
නාරාහේන්පිට දුම්රිය ස්ථානය අලුත් වෙයි
මීගමුවේ බන්ධනාගාරයේ රැඳවියන් 700ක් වෙනත් බන්ධනාගාරවලට
ආගමන විගමන නියෝජ්‍ය පාලකයෙක් අත්අඩංගුවට
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට! 100කට තුවාල!
ඩෙංගු මදුරුවා වේලාව වෙනස් කරයි
කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්රදානය හෙට
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19 දක්වා ඉහළට! යළිත් නොසන්සුන්තාවයක්!
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 5 දක්වා ඉහළට! 35කට තුවාල
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙයි