මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාරය තුළ ඊයේ (05) සිට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම කඩිනම් ස්ථාන මාරු කිරීම් සිදු කර ඇති බව වාර්තා වේ.
ඊයේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පසුව එම තත්ත්වය පාලනය කර තිබුණද පසුව අද (06) උදෑසන වනවිට එහි යළි නොසන්සුන් තත්ත්වය ඇති විය.
රිමාන්ඩ් භාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව තිබුණි.
එම ගැටුමින් මේ වන විට මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
මියගිය නිලධාරීන් අතරට බන්ධනාගාර ජේලර්වරයෙක්, ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙක් සහ නියාමකවරු පිරිසක් අයත්ය.
මේ අතර බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසු අමාත්‍යවරයා, බන්ධනාගාරය තුළ තිබූ CCTV පද්ධති සහ බොඩි ස්කෑනර් යන්ත්‍රයද රැඳවියන් විසින් සම්පුර්ණයෙන්ම විනාශ කර ඇතැයි පැවසීය.
බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් 18 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
බන්ධනාගාරයේ කටයුතු අඬාල කිරීම මොවුන්ගේ මුලික අරමුණ වී ඇත.
මේ වනවිට තත්ත්වය යම්තාක් දුරකට පාලනය කිරීමට කටයුතු කර තිබේ.

ඉන්දියාවෙන් Meta සමාගමට රතු එළියක්
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අභියාචනය විභාගයට දින නියම වෙයි
නාරාහේන්පිට දුම්රිය ස්ථානය අලුත් වෙයි
ආගමන විගමන නියෝජ්‍ය පාලකයෙක් අත්අඩංගුවට
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට! 100කට තුවාල!
ඩෙංගු මදුරුවා වේලාව වෙනස් කරයි
කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්රදානය හෙට
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19 දක්වා ඉහළට! යළිත් නොසන්සුන්තාවයක්!
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 5 දක්වා ඉහළට! 35කට තුවාල
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙයි