ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙකු (පාලන) කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ චෙන්නායි නුවරින් මෙරටට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ඡායාරූපයකට, වෙනත් පුද්ගලයෙකුගේ ජීව දත්ත ඇතුළත් කර සකස් කළ අයදුම්පතක් නිසි පරිදි පරීක්ෂා නොකර භාරගනිමින්, ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට සහාය වීම යන චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට පත් නියෝජ්‍ය පාලකවරයා මාතර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක් වන අතර, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව, මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද නියෝගයකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

ඉන්දියාවෙන් Meta සමාගමට රතු එළියක්
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අභියාචනය විභාගයට දින නියම වෙයි
නාරාහේන්පිට දුම්රිය ස්ථානය අලුත් වෙයි
මීගමුවේ බන්ධනාගාරයේ රැඳවියන් 700ක් වෙනත් බන්ධනාගාරවලට
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට! 100කට තුවාල!
ඩෙංගු මදුරුවා වේලාව වෙනස් කරයි
කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්රදානය හෙට
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19 දක්වා ඉහළට! යළිත් නොසන්සුන්තාවයක්!
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 5 දක්වා ඉහළට! 35කට තුවාල
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙයි