Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආගමන විගමන නියෝජ්‍ය පාලකයෙක් අත්අඩංගුවට

19 minutes ago

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙකු (පාලන) කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි නුවරින් මෙරටට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ඡායාරූපයකට, වෙනත් පුද්ගලයෙකුගේ ජීව දත්ත ඇතුළත් කර සකස් කළ අයදුම්පතක් නිසි පරිදි පරීක්ෂා නොකර භාරගනිමින්, ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට සහාය වීම යන චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට පත් නියෝජ්‍ය පාලකවරයා මාතර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක් වන අතර, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව, මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද නියෝගයකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *