Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාරාහේන්පිට දුම්රිය ස්ථානය අලුත් වෙයි

10 minutes ago

නවීකරණය කරන ලද නාරාහේන්පිට දුම්රිය ස්ථානය නැවතත් ජනතා පරිහරණයට පත්කිරීම අද (06) පෙරවරුවේ සිදු කෙරිණ. 

ඒ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම දුම්රිය ස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කරනු ලැබුවේ, රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයෙන් දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ ‘සිහින ගමනාන්තය’ වැඩසටහන යටතේය. 

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන්, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මගින් තිරසර ව්‍යාපෘතියක් ලෙස ‘සිහින ගමනාන්තය’ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙමින් පවතී. 

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර සහ කිරුලපන උප දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති නාරාහේන්පිට දුම්රිය ස්ථානය, වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණයකට ලක් නොකිරීම හේතුවෙන් පහසුකම් රහිතව, අනාරක්ෂිත තත්ත්වයක පැවතිණ. 

රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා ස්ථාන රැසක් ස්ථානගතව ඇති නාරාහේන්පිට ප්‍රදේශයට මෙම දුම්රිය ස්ථානයෙන් විශාල පිරිසක් ප්‍රවාහන පහසුකම් සපයා ගනී. 

මේ අතර දුම්රිය සේවාව පුළුල් කිරීම යටතේ ලබන වසරේ විදුලි දුම්රිය සේවාව සඳහා ආරම්භක පියවර ගන්නා බව මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ඒ යටතේ කොළඹ – පානදුර, කොළඹ – මාකුඹුර, කොළඹ – රාගම නගර කේන්ද්‍ර කරගනිමින් පළමු අදියරේ විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *