ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය ඉරානයේ ශියා මුස්ලිම්වරුන්ගේ පූජනීයම ස්ථානයක් වන මෂ්හද් නගරයේ පිහිටි ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉරානය සහ අසල්වැසි ඉරාකයේ නගර කිහිපයක දින හයක් පුරා පැවැති මහජන ශෝක උත්සවයන්ගෙන් අනතුරුව අවසන් ආගමික කටයුතුවලින් පසුව මෙම මිහිදන් කිරීම සිදු කළ බවය.
අවමංගල්‍යය උත්සවය පැවැත්වෙන අවස්ථාවේ අමෙරිකාව සහ ඉරානය අතර යළිත් ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම තත්ත්වය, කමේනිගේ මරණයට හේතු වූ යුද්ධය අවසන් කිරීම සඳහා පැවති මූලික එකඟතා කෙරෙහිද බලපෑම් එල්ල කළ හැකි බව සඳහන් වේ.
මේ අතර, ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය චෝදනා කළේ, අවමංගල්‍ය උත්සවයට බාධා කිරීමේ අරමුණින් ටෙහෙරානය සහ මෂ්හද් නගරය සම්බන්ධ කරන දුම්රිය මාර්ගයේ පාලම් දෙකකට අමෙරිකාව විසින් එක රැයකින් බෝම්බ හෙලූ බවටය.
අයතුල්ලා අලි කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු පසුගිය පෙබරවාරි 28 වැනිදා ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඔහුගෙන් පසුව උත්තරීතර නායක ධුරයට ඔහුගේ පුත් මොජ්තාබා කමේනි පත්කර ඇති අතර, එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ බවට වාර්තා වීමෙන් පසු ඔහු මෙතෙක් මහජනතාව ඉදිරියේ පෙනී සිට නොමැති බව සඳහන් වේ.
තවද, ටෙහෙරානය සහ කොම් නගරවල පැවැති අවමංගල්‍ය උත්සවවලට මොජ්ටබා කමේනි සහභාගි නොවූ අතර, මෂ්හද්හි පැවැති මිහිදන් කිරීමේ අවස්ථාවටද ඔහු සහභාගි වූ බවට කිසිදු නිල තහවුරු කිරීමක් නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
අද උදෑසන ඉරාකයේ සිට මෂ්හද් නගරය වෙත පැමිණි විශේෂ ගුවන් යානයකින් අලි කමේනි, ඔහුගේ මිණිබිරිය, බෑණනුවන්, දියණිය සහ මොජ්තාබාගේ බිරිඳගේ දේහයන් රැගත් ගුවන් යානයක් ඉරාකයේ සිට පියාසර කර මෂාද් වෙත ළඟා විය.

ටිපර් රථයකට ජීවිතයක් බිලිවෙයි
ලොවම කැළඹූ ඉන්දීය ස්ත්‍රී දූෂකයාගේ දේහය භාරගැනීම මව ප්‍රතික්ෂේප කරයි
ඉතිහාසයේ ඉහළම කුරුඳු මිල පසුගිය මැයි මාසයේදී වාර්තා වෙයි
මීගමුවේ ගැටුම ගැන CID විමර්ශන අරඹයි! මියගිය නිලධාරීන් 8 දෙනාට උසස්වීම්!
චර්ම රෝග සිඝ්‍රයෙන් ඉහළට! බරපතළ සෞඛ්‍ය ගැටලුවක්!
මැගසින් බන්ධනාගාරයේ ගැටුමක්! තුවාල ලැබූ රැඳවියන් රෝහලට!
2026 උසස් පෙළ විභාගයට තවත් ලොකු අවුලක්?
අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
ශ්‍රී ලංකා රුපියලට තාවකාලික අස්වැසිල්ලක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
හිටපු ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට සැරසෙයි