මහේස්ත්රාත්වරුන්ගෙන් සහ දිසා විනිසුරුවරුන්ගෙන් සමන්විත ‘අධිකරණ සේවා සංගමයේ‘ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. අද (11) දිනයේදී අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා විසින් කැඳවා තිබූ මහා සභා රැස්වීමක් සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වයක් මෙම හදිසි ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව සඳහන්ය.
මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කරුණ සම්බන්ධයෙන් සාමාජික අදහස් විමසීම සඳහා අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව විසින් මෙම විශේෂ මහා සභා රැස්වීම අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී කැඳවීමට තීරණය කර තිබුණි. සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමට මූලික වී ඇත්තේ එම තීරණයයි.
සිය ඉල්ලා අස්වීම සහ ඊට හේතු වූ කරුණු පැහැදිලි කරමින් පසන් අමරසේන මහතා විසින් සංගමයේ සාමාජිකයින් වෙත යොමු කරන ලද බව කියන ලිපියක් මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. කෙසේ වෙතත්, සභාපතිවරයාගේ එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් අධිකරණ සේවා සංගමයේ ලේකම්, විනිසුරු සුරංග මුණසිංහ මහතා විසින් ද සාමාජිකයින් වෙත ලිපියක් යොමු කර ඇති අතර එය ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.
මෙම මතභේදාත්මක තත්ත්වය මධ්‍යයේ වුවද, පෙර සැලසුම් කළ පරිදි අදාළ විශේෂ මහා සභා රැස්වීම පැවැත්වෙන බව ලේකම්වරයා සිය ලිපිය මගින් සාමාජිකයින්ට දැනුම් දී තිබුණි. ඒ අනුව, අධිකරණ සේවා සංගමය විසින් කැඳවූ එම මහා සභා රැස්වීම අද පෙරවරු 10.00ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ආරම්භ වී ඇත.

අයෝමාල් වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවත් අලුත් කරයි
‘සරසවි දිරියෝ අභිමන්’ සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්
මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩ
සමගි ජන බලවේගයේ පුංචි මන්ත්‍රී ගිනි අවියක් සමඟින් අත්අඩංගුවට
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කරන කාලවකවානුව
විදෙස්ගත ශ්‍රමිකයින්ට සුභ ආරංචියක්
“මැච් ගහනකොට බොන්න එපා” – එංගලන්ත ක්‍රිකට් පිළට දැඩි අවවාද
‘එල් නිනෝ’ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
ගලදාරි හෝටලයේ නම වෙනස් වෙයි
ලංකා බැංකුවේ ගිණුම් හිමියන්ට් සුබ ආරංචියක්
හෝමුස්හි නැව්වලට එල්ලවූ ප්‍රහාරය අත්වැරැද්දක් – ඉරානය කියලා
රටේ සියලුම වෙළෙඳසැල් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කිරීමට සැරසෙයි