Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෝමුස්හි නැව්වලට එල්ලවූ ප්‍රහාරය අත්වැරැද්දක් – ඉරානය කියලා

12 hours ago

හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට ප්‍රහාර එල්ල කිරීම තමන් අතින් වූ අත්වැරැද්දක් බව ඉරානය විසින් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ උපදේශකයින් වෙත පෞද්ගලිකවම පිළිගෙන තිබේ.

මෙම නෞකා ප්‍රහාරවලින් පසු දෙරට අතර දැවැන්ත ප්‍රහාර හුවමාරුවක් සිදු වූ අතර ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරාන වැසියන් 14 දෙනෙකු මියගොස් ඉරානය විසින් ද ඇමෙරිකානු කඳවුරුවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදී.

සාම සාකච්ඡා බිඳ දැමීමේ අරමුණින් සිටින කණ්ඩායමක් විසින් මෙම නෞකා ප්‍රහාරය එල්ල කර ඇති බව පවසන ඉරානයෙන්, හෝමුස් සන්ධිය විවෘතව තබන බවට සහ නැව්වලට වෙඩි තැබීම නවත්වන බවට ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් ඇමෙරිකාව ඉල්ලා සිටින අතර, මෙම බාධක මධ්‍යයේ වුව ද දෙරට අතර සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ට්‍රම්ප් ඇතුළු දෙපාර්ශ්වයම එකඟ වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *